රට මුහුණදී තිබෙන ආර්ථික ගැටළු විසඳීම සම්බන්ධයෙන් යෝජිත අතුරු අයවැය මඟින් වැඩි අවධානයක් යොමුකෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ යෝජනා සකස් කිරීමේදී ඒ පිළබදව වැඩි අවධානයක් යොමුකරන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව රටේ ආර්ථික තත්ත්වය යහපත්වූ වහාම දැනට නතර කොට ඇති ව්‍යාපෘති සියල්ල කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතිබවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
අතුරු අයවැය යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ නිළධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (24) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ලබන වසරේදී සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සදහා නව අයවැය තුළින් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසුවා. අයවැය යෝජනා සකස් කරද්දි ඒ ගැන අවධානය යොමු කරලා දිස්ත්‍රික් මට්ටමින් ඊට අදාළ සැලැස්මක් හැදිය යුතුයි. ‘මිහිදු නිවහන’ වැනි රටට යහපත් වැඩසටහන් නතර නොකර දිගටම ක්‍රියාත්මක කළා නම් හොදයි. නමුත් රටේ ආර්ථික තත්ත්වය යහපත් නොවුන නිසා බොහෝ ව්‍යාපෘති නතර කිරීමට අපිට සිදුවුණා. නමුත් ආර්ථික තත්ත්වය යහපත්වූ වහාම නතර කර තිබෙන ව්‍යාපෘති සියල්ලම නැවත කඩිනමින් ආරම්භ කරනවා.
ඒ නිසා අමාත්‍යංශ නිළධාරීන් සියළුම දෙනා එකතු වෙලා ආයතන මට්ටමින් අයවැය යෝජනා ලබා ගනිමින් පොදු යෝජනාවක් සකස් කළ යුතුයි. එහිදී රටට හිතකර සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීම, සංචාරක ව්‍යාපාරය හා සුළු පරිමාණ ව්‍යාපාර යලි නඟා සිටුවීම, ආයතන ඒකාබද්ධ කරමින් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීම, රට තුළ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වැනි ක්ෂේත්‍ර පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු යැයිද හෙතෙම සඳහ් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, අතිරේක ලේකම් (නිවාස හා ඉදිකිරීම්) කීර්ති රංජිත් අබේසිරිවර්ධන, අතිරේක ලේකම් (වෙරළ සංරක්ෂණ හා පහත්බිම්) අනිල් විජේසිරි, අතිරේක ලේකම් (වතු නිවාස) ඩි.ඩි. මාතරආරච්චි යන මහත්වරුන් සහ අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිළධාරීන්, අධ්‍යක්ෂවරුන් සහ ගණකාධිකාරීවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


0 Comments