මධ්‍යම කදුකරයට තද වැසි.. කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයාම්…

 


නිරිත දිග මොසම් සක්‍රිය විමත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (02) දිනයෙත් කඩින් කඩ තද සුලං සමග අධික වර්ෂාවක් පතිත විම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයාම් සහ පස්කදු කඩා වැටිම් සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු කඩා වැටිම නිසා එම ස්ථානවල රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

කඩා වැටුණු පස් කදු ඉවත් කිරිමට බැකෝ යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට ඉන්ධන නොමැති විමෙන් ගැටළු රැසක් මතු වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත පස් කදු කඩා වැටිමෙන් අවහිර වි ඇති ප්‍රධාන මාර්ග වල ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරිමට තරමක් ප්‍රමාද වන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටියේ.

පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්,විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන සහ කැනියොන් ජලාශ පිටාර මට්ටම ඉතා ආසන්න වි ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

Post a Comment

0 Comments