ප්‍රසිද්ධ දුමක් ගෙදරදී ඒ විදිහටම හදලා විකුණලා..




මීගමුව ප්‍රසිද්ධ බීඩි නිෂ්පාදන සමාගමක නාමය ඇතුළු වෙළඳ ලාංඡනය භාවිතා කරමින් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදන කළ පුද්ගලයෙකු හල්තොට දී බණ්ඩාරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එම නිවසේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද බීඩි හැටදහසක්,නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය,ඇතුළු උපකරණ රැසක් පොලිසියේ භාරයට ගෙන ඇත

හල්තොට ප්‍රදේශයේ පුද්ගලයකු තම ආයතනයේ නාමය සහ වෙළඳ ලාංඡනය වංචනික ලෙස යොදාගෙන බීඩි තොග වශයෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට මහා පරිමාණයෙන් බෙදාහැරීමේ නිරතවන බවට බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු වංචනික ලෙස නිෂ්පාදනය කළ බීඩි සහ නිත්‍ය ආයතනයෙන් මගින් නිෂ්පාදනය කළ බීඩි අතර කිසිදු වෙනසක් නොපෙනෙන ආකාරයට සැකකරු විසින් එම බීඩි නිෂ්පාදනය කර ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වසර විසි දෙකක් එම ආයතනයේ සේවය කර රුපියල් ලක්ෂ 20 ක මුදල් වංචාවකට සේවයෙන් නෙරපා දැමූ පුද්ගලයෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

54 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments