කවුරු විරුද්ධ වුණත් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරනවා..




ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය පිළිබඳව එහි වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කළ බව කී අමාත්‍යවරයා විරෝධය පළකිරීමේ අයිතියට අභියෝග නොකළ ද ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකේම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

Post a Comment

0 Comments