අනාරක්ෂිතව නීතිවිරෝධී ලෙස අධි ශීතකරණ සහිත ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය කිරමින් සිටි තිදෙනෙකු කන්තලේ 87 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (01) දහවල් කන්තලේ කොට්ටාඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබී ඩීසල් ලීටර් 2,740ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 සහ 27 හැවිරිදි වයසවල පසුවන කැකිරාව මැල්සිරිපුර හා ගොකරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් අද (02) කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
0 Comments