උතුර නැගෙනහිරට අන්තර්වාර පාලනයක් අවශ්‍යයි..- ඇමති දේවානන්ද

 


උතුරු හා නැගෙනහිර පළාත් සභා සඳහා අන්තර් වාර පාලනයක් ඇති කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

අන්තර්වාර පාලනය සඳහා පළාත් නියෝජ්‍ය පළාත් දෙක නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම ඒකරාශී විය යුතු බවත් හෙතෙම පැවසීය.

අන්තර් වාර පාලනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින්නේ යැයිද හෙතෙම පෙන්වා දෙයි.

පලාත් සභාවේ ධූර කාලය අවසන් වී ඇති අතර මේ වනවිට එම පළාත් පවත්වාගෙන යන්නේ ආණ්ඩුකාරවරුන් විසින් බවත් පවසන අමාත්‍යවරයා ඒ හේතුවෙන් ජනතාව පිළිබඳව සාර්ථක පරිපාලන තීරණ ගැනීමට නොහැකි ව ඇතැයි ද පවසයි.

උතුරු හා නැගෙනහිර ජාතික ගැටලූවට විසඳුමක් ගෙන ඒමට අන්තර්වාර පාලනයක් ඇති කිරීමෙන් සාර්ථක ප්‍රවේශයක් ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments