මතුගම බෝපිටිය ප්‍රදේශයේ දී (23) රාත්‍රියේ පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.
මතුගම ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කරහ.
මතුගම බෝපිටිය පාසල අසල දී නාදුනන පිරිසක් විසින් පහරදීම සිදුකර ඇත .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී වඩුම්මුනිගේ දොන් ඉන්දික තුෂාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මතුගමවැත්තෑව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද අද(23) උදෑසන පරීක්ෂණ සිදුකර ඇත.
මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .


0 Comments