නාමල්ට ලැබෙන්න යන ධුරය..




නොවැම්බර් දෙවැනි දින පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබේ.

එහිදී පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරින් ඉවත් කර එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමට යෝජනා වී ඇත.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පත් කිරීමට යෝජනා වී ඇත. එහෙත් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ඉදිරියේදී මෙම තනතුරු වෙනස් විය හැකි බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු තනතුරක් භාර නොගැනීමට මේ වන විට තීරණය කර ඇත.

කඩිනමින් ආසන මට්ටමින් ජනතාව හමු වීමටත්, සාමාජික පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමටත් පක්ෂය තීන්දුකර ඇත. ඊට හේතු වී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය මැතිවරණ කොමිෂන් සභාව සතු වීමයි.

එම නිසා පළාත් පාලන මැතිවරණයට සූදානම් වීමද පක්ෂයේ අපේක්ෂාව වී තිබේ.

Post a Comment

0 Comments