මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි..
August 03, 2022
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 11 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන මෙන් රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (03) දෙවන දිනටත් සලකා බැලීමෙන් අනතුරුවයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකාබැලීය.
0 Comments