ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට ඇමති ධුර නියෝජ්‍ය ඇමතිධුර ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව තුළට එන බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමිනි.
සර්ව පාක්ෂික ජාතික ද යන වචන කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක එකතුවකින් නව ආණ්ඩුවක් පිහිටුවන බව ද හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.


0 Comments