ජපානයෙන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට විසඳුමක්

 


ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්ථික අර්බුදය ගැන සියලුම ණය දෙන රටවල් එක්ව සාකච්ඡා කිරීම වැදගත් බව ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා ප්‍රකාශ කරයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඒ සදහා ජපානය අනෙකුත් ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කරන බව ද මුදල් අමාත්‍යවරයා පැවසු බවයි.

“ශ්‍රී ලංකාවේ දරුණු සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳව අපි කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන් ද ඔහු පවසා තිබේ.

ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා සඳහා ප්‍රධාන ණය දෙන රටවලට ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා රොයිටර් පුවත් සේවයට පවසා තිබින.


Post a Comment

0 Comments