ස්ටාලින් නැවතත් පොලිසියට..
August 23, 2022
ඉකුත් ජුලි 13 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම ඇමැතීම සම්බන්ධව ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අද (23) මෝදර පොලිසිය වෙත කැඳවා තිබුණි.
හෙට(24) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් පවතින බැවින්, ඒ සඳහා අධිකරණය වෙත වාර්තා කරන ලෙස පොලිසිය ඔහුට දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, රජයේ මර්දනකාරී ක්‍රියාදාමය දිගට ම පවත්වාගෙන යන බවත් මේ වන විට 3553 අත්අඩංගුවට ගෙන ඇති බවයි.
0 Comments