විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන විසිඅටක් ණය වෙලා..

 



ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ජනනය කර ජාතික පද්ධතියට ලබා දෙන පිරිසට රුපියල් බිලියන විසිඅටක් ගෙවිය යුතුව ඇතැයි සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමය කියයි.

වර්තමානයේ සූර්යබල උත්පාදකයන්ට ගෙවන මුදල කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බවත් එය යම් ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු බවත් හෙතෙම කියා සිටියේ ය.

වර්තමාන විදුලි අර්බුදයට විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය යෝජනා කළ ද ඒ පිළිබඳ බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවූ බව ත්, එසේ යොමු වූයේ නම් විදුලි කප්පාදුව මීට වඩා ඉතාමත් සීමිත කාලයක් කරගත හැකිව තිබූ බව ත් ඔහු පැවැසීය.



විශේෂයෙන් සූර්යබල පද්ධති ජාතික පද්ධතියට එක් කිරීමට රජයේ ප්‍රතිපාදන වැය නොවෙන බව කී ඔහු ආයෝජන මුදල විදුලි පාරිභෝගිකයා විසින් දරනු ලබන බව ත්, මේ වනවිටත් එසේ සූර්ය පැනල මගින් විදුලිබල නිෂ්පාදකයන් බවට පත්වූ විදුලි පාරිභෝගිකයන් විසින් මෙගාවොට් 600ක් පමණ ජාතික පද්ධතියට එකතු කරන බව ද ලේකම්වරයා කියා සිටියේ ය.

Post a Comment

0 Comments