ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරනවා.. අපට අඛණ්ඩව එය කල හැකියි..- චීනය


 ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික හා සමාජයීය දුෂ්කරතාවයන් පිළිබඳ ව චීනයට බලවත් හැඟීමක් පවතින බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.එහි මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන් බින් මහතා චීනයේ බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට මෙම දුෂ්කරතාවලින් මිදීම සඳහා චීනය උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් එය චීනයට කළ හැකි බවත් පැවසූ ඔහු අඛණ්ඩව ඒ ආකාරයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් සඳහන් කළේය.

‘යුවාන් වැන් 5’ නෞකාව හම්බන්තොට වරායට පැමීණීම පිලිබදව ඇති වී තිබෙන උණුසුම් තත්වය පිලිබද කරුණු දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

Post a Comment

0 Comments