පානදුර උතුර ලිට්රෝ ගෑස් අලෙවිසැළකින් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ගෑස් සිලින්ඩර සහ මුදල් අද අලුයම සොරාගෙන ගොස් ඇති බවට වාර්තා වේ.
එම වෙළඳසැලින් ගෑස් සහිත සිලින්ඩර 30 ක් සහ රුපියල් 30,000 ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇති බව වෙළඳසැලේ හිමිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ලුයම 4:30 ට පමණ වෑන් රථයකින් පැමිණි කීප දෙනෙකු ව්‍යාජ යතුරක් උපයෝගී කරගෙන එයින් ඉදිරිපස දොර විවෘත කර මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
අදාල සොරකම වෙළඳසැල ඉදිරිපිට ගොඩනැගිල්ලක සවි කර තිබෙන සීසීටිවී කැමරාවක සටහන් වී තිබුනා


0 Comments