ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමතිවරුන්ගෙන් ඒ හිග මුදල් අය කිරීමට මැදිහත්ව කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ.
අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.පී.කේ. මායාදුන්නේ මහතා විසින් ලිපියන් යොමු කරමින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු මාර්ගයෙන් ඒ පිලිබද සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.
ඒ අනුව අදාළ අංශ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
මැති ඇමැතිවරුන් 60කට ආසන්න සංඛ්‍යාවක් විසින් ගෙවීම් පැහැර හැරි ඇති ජල බිල්පත්වලින් අයකර ගැනීමට ඇති මුදල රුපියල් කෝටියකට අධික බවද පැවසෙයි.
0 Comments