රෝහල්වල ශල්‍ය කර්ම නවති ?
August 14, 2022
යළිත් දිවයිනේ බොහෝ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් රෝහල්වල ශල්‍ය කර්ම ද නතර වී ඇති බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසීය.
පවතින ඖෂධ හිඟය පිළිබඳව සියලුම රෝහල්වලින් වාර්තාවක් කැඳවා ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments