ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සමඟ පුළුල් සන්ධානයක්? වාසුදේව

රනිල් වික‍්‍රමසිංහ ජනපති වුවත් ඔහුට ජන වරමක් නැත. අගමැති ඇතුලූ සෙසු ඇමතින්ටද ජන වරමක් නැත. ඒ වරම තිබූ ගෝඨාභය ඉවත් වී ගොසින්ය. පාර්ලිමේන්තු ජනවරමත් ඔහු සම`ග බැඳී තිබුනි. නමුත් ව්‍යවස්ථාවේ වගන්ති අතර හරඹයෙන් ඒ කටයුතු එසේ සිදුවිය. ජනවරමක් හෝ ජනපදනමක් නැති රජයකට පැවැත්මක් නැත. සර්වපාක්ෂික රජයක යෝජනාව ජනාධිපතිතුමා වෙතින්ම බලවත් ලෙස එන්නේ ඒ නිසාය. 

අනිත් අතට අරගලයේ ප‍්‍රධාන ප‍්‍රවාහය වූ පෙරටුගාමී පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් සර්ව පාක්ෂික රජයට එකතු නොවන ලෙස, හදිසි නීතියට විරුද්ධව සිය ඡුන්දය දුන් මන්ති‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටී. පෙරටුගාමී පක්ෂය පාර්ලිමේන්තුවෙන් පිට කි‍්‍රයාකාරිත්වයේ බලවත්ව සිටී. ජ.වි.පෙ.ද ජනාධිපතිතුමා සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන සාකච්ඡුා කිරීමට එක`ග වී ඇත. එහෙත්, අගෝස්තු මුල සතියේ ආරම්භ වන ‘‘අරගලයට’’ජ.වි.පෙ. කොටස් ද ප‍්‍රධාන ලෙස සම්බන්ධය. ජ.වි.පෙ. ඒ අනුව ජනමතයේ බලපෑම අනුව රනිල් සමග සාකච්ඡුාවන්ටද අරගලකරුවන්ගේ බලපෑම මත ‘‘අරගලය’’ තුලද කි‍්‍රයාත්මක වෙයි. බොහෝ විට සර්ව පාක්ෂික  රජය හැදෙනු ඇත. එක`ග නොවීම පිනිස එකගවීමටත් රීතියක් අනුමත කර ගැනීමට ඔහු යෝජනා කලේය. 

පහල මාලයේ සිටින පොදු ජනතාව මත අර්බූදයෙන් ගොඩඒම සඳහා වූ වැඩිදුර බර පැටීමට හෝ ණය කන්ද තවත් වැඩි කිරීමෙන් හෝ ස්වාධිපත්‍ය හා ජාතික සම්පත් අතහැරීමට අපට කිසිසේත් නොහැකි බව අපි කීවෙමු. සර්ව පාක්ෂික රජයකට දොර විවෘතකර තිබුනත්, ඒතුලට ගොස් අපට හුස්ම ගැනීමට  හැකිවන්නේ ඉහත කරුණු අනුව බව ජනාධිපති තුමාට හා අගමැතිතුමාට අපි පැවසවෙමු.

තිබෙන රජය එක`ගතාවය සඳහා ලියවිල්ලක් දිය යුතු බව ගම්මන්පිල ඇමතිතුමා පැවසීය. එය අප අනුමත කලෙමු. 

තවද රුසියාව සම`ග සම්බන්ධ වී වහාම ජනතාවට දසවධ දෙන තෙල් ප‍්‍රශ්ණය විසඳිය යුතු බවද පැවසුවෙමු. ජනාධිපතිතුමා එයට එක`ගත්වය පල කලේය. 

අරගලකරුවන්ට හදිසි නීති යටතේ රජය සමග හැප්පීම පහසු නොවනු ඇත. චේතනාන්විතව බරපතල අපරාධ කළ අයට නඩු කටයුතු සිදු කරන අතර, අන් සියලූ දෙනාට පොදු නිදහස් සමාවක් දෙන ලෙස අප යෝජනා කරමු. 

බලවත් රටවල් ප‍්‍රකෝප කරන ලෙසට සෙසු රටවල් කි‍්‍රයා නොකළ යුතු බවත්, චීනයන් දෙකක් නොව එක චීනයක් පිලිගන්නා බවත්, ජනාධිපති තුමා ප‍්‍රකාශ කිරීම යහපත්ය. 

පක්ෂ 10 අතර, මත වෙනස්කම් මතුවී තිබේ. හදිසි නීතියට ඡුන්දය දීමට විමල් ඇතුලූ ඔහුගේ පක්්ෂයේ මන්ති‍්‍රවරුද, ගෙවිඳු කුමාරතුංගද, අසංක නවරත්නද, අතාවුල්ලාද කි‍්‍රයා කලහ. ගම්මන්පිල අසනීපව නොසිටියේ නම් ඔහුගේ ස්ථාවරයද එයම විය හැකිය. සමසමාජ පක්ෂයේ තිස්සද, කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන, රතන හිමි සහ වාසුදේව සහෝදරයා යන අය ඡුන්දයදීමෙන් වැලකී සිටියේ පක්ෂ 10 තුල බිඳීමක් වැලැක්වීම සඳහා විනා, විරුද්ධව ඡුන්දය පාවිච්චි කිරීම ගැන දෙගිඩියාවක් තිබු නිසා නොවේ. එහෙත් පක්ෂ 10 එකතුව පමණක් නොව ඊටත් වඩා පළක් එකතුවක් හදා ගෙන ඉදිරි මැතිවරණයන්ට අපි මුහුණ දිය යුතුය. 

ජනතා විමුක්ති පෙරමුණත්, ගැන අපට ප‍්‍රශ්ණ තිබුණත් ඔවුන් සම`ග වුවද නිශ්චිත අරමුණු වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මැලි විය යුතු නැත. විද්වතුන්, සිිවිල් සංවිධාන නියෝජිතයින්ද, වෘත්තිය සමිති කි‍්‍රයාකාරින්ද යම් තලයක එකතු කර ගැනීමෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක තත්වය තහවුරු වේ. 

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිලිබඳ පාදක ලියවිල්ලක් තවමත් ආණ්ඩුවෙන් ලබා දී නොමැත. එවැනි තත්වයක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩන`ගා ගැනීම ගැන නිසි එක`ගත්වයක් ඇතිවීම දුෂ්කරය. එවැනි තත්වයක් යටතේ අපටද එම රජයේ වගකීම් භාර ගත නොහැකි අතර සර්ව පාක්්ෂික රජයට එකතුවීමද දුෂ්කරය. එහෙත් පොදු ජනතාවට හා රටට යහපතක් වන කරුනු වලට අපි සහයෝගය දක්වමු. 

ජනපතිගේ බලය අඩුකර එම බලය පාර්ලිමේන්තුවට ලබා දෙන 22 වෙනි සංශෝධනයට අවශ්‍ය 2/3 වැඩි ඡුන්දයක් ලබාදීමට අපි කැමති වෙමු. තවද උපදේශක සභා හා අධීක්ෂණ කමිටු තුල කි‍්‍රයාකිරීම අපගේ පාර්ලිමේන්තු වගකීමක් ලෙස ඉටු කරමු. 

මෙම ආණ්ඩුව වහාම කඩාදැමීමට කි‍්‍රයා කිරීමට අපට අවශ්‍ය නැත. එහෙත් ඉතා වැදගත් ප‍්‍රශ්ණ පිලිබඳව අපි සමාදාන විරහිත වෙමු. 

රනිල් ගැන ඇමරිකාව එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඔහුට සුභපැතු අනුපිලිවෙල අනුවම එය පැහැදිලිය. රනිල් චීනයට හිතවත් රාජපක්ෂලාගේම නියෝජිතයෙකු බව ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ප‍්‍රධානියා මෑතකදී කියා තිබුනි. එනිසා ‘‘අරගලයට’’ ඇමරිකාව ඇතුලූ බටහිර කඳවුර සහය දෙන බව පෙනෙන නිසාත්, අපිට රනිල්ගේ නායකත්වයට සහයෝගයක් නොදිය හැක්කේ රටතුල ප‍්‍රගතිශීලි බලවේගයන් අතර, රනිල් ගැන තිබෙන අප‍්‍රසාදයත් නිසාය.

හමුදාව තුල සරත් පොන්සේකාට හෝ ඔහු සමග එකතුව කි‍්‍රයාකරන හමුදාවේ අයට, කොතරම් දුරට අරගලය මර්ධනයේදි අත බුරුලෙන් කි‍්‍රයාකර හැකිවේදැයි කිව නොහැකිය. කිසිම දේශපාලන නැඹුරුවක් ගැන ස්ථිර ප‍්‍රකාශයක් කිරීම තවමත් කල් වැඩිය. බොහෝවිට අපට සිදුවන්නේ තත්වයන් ගැන විමසිල්ලෙන් බලාගෙන සිට තීරණයන්ට එලඹීමටය. එහිදී අපගේ මූලික ස්ථාවරයන්ට අනව කටයුතු කිරීම සිදුවේ. 

ස්වාධීන පක්ෂ එකමුතුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇතුලත් නොවීමට තීරණය කර තිබීම එක්තරා ආකාරයක සාධනීයයි. එසේම පක්ෂ එකමුතුව නව දේශපාලන සන්ධානයක් ලෙස එලිදැක්වීම අගෝස්තු මස 21 වෙනි දින මහරගම යොවුන් නිකේතන ශාලාවේදී සිදු කිරීමට තීරණය කිරීම මීල`ග තීරණත්මක දේශපාලන පියවරයි. ඒ අනුව ජනතා බිමේ අපගේ සන්ධානයටද කි‍්‍රයාශීලී වෙමින් ජාතික හා ප‍්‍රදේශීය වශයෙන් දේශපාලනිකව කි‍්‍රයාත්මකවීමට විශාල ඉඩකඩක් මතුවේ. ඒ සඳහා අප පක්ෂයේ සියලූ දෙනා එක්සත්ව පෙලගැසීමට සූදානම් විය යුතු බව අවධාරණය කරමු.

2022-08-08

Post a Comment

0 Comments