සාමනේර භික්‍ෂුවකට බරපතල ලිංගික අතවර කල ටියුෂන් ගුරු අත්අඩංගුවට..

 


වයස අවුරුදු දාහතරක් වූ සාමනේර හිමිනමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ලග්ගල පොලිස් වසමේ පදිංචි තිස්හත් හැවිරිදි අයෙකි.

මෙම සාමණේර හිමිනම විසින් කළ පැමිණිල්ල අනුව පරීක්ෂන මෙහෙයවා සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල හිමිනම මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගත කර සිටී.

Post a Comment

0 Comments