විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් සමග පුද්ගලයෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
එහිදී ගිනිඅවිය සමග එම උණ්ඩ 03ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි හික්කඩුව කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිටියාගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර වාරියපොළ ප්‍රදේශයේදී ද විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 37 හැවිරිදි දික්වැහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වාරියපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments