ඛේදවාචකයකින් අවසන් වූ විනෝදය..






පිටබැද්දර නිල්වලා ගඟේ උඩහඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.

පොලීසිය පැවසුවේ අද (26) පස්වරුවේ අදාළ ස්ථානයේ දියනෑමට ගිය පුද්ගලයින් 12 දෙනෙකු අතරින් සිව් දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවය.

මිදිගම ප්‍රදේශයේ ආයතනයක සේවය කළ පිරිසක් අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගීවීමට පැමිණ ඇති අතර මත්පැන් පානය කිරීමෙන් අනතුරුව දියනෑමට ගිය අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට ලක්වී ඇති බව වාර්තා විය.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

Post a Comment

0 Comments