බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදු සංකීර්ණයේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (17) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුවූ බවය.
එසේම සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ බොරතෙල් ගෙන්වීමේ සැලසුම් පිලිබඳවද එහිදී සාකච්ඡා කළ බව එම ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.


0 Comments