හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර හතක් යනතුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රාමනායක මහතාට ජනාධිපති සමාව පූර්ණ වශයෙන් හිමි වී නැති බවද හෙතෙම පැවසීය.
නමුත් අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඉඩ ලබාදිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට පෙර ද සරත් ෆොන්සේකා මහතාටද ජනාධිපති සමාව පූර්ණ වශයෙන් ලබා දුන්නේ අවස්ථා දෙකකදී බවත් මුල් අවස්ථාවේ දඬුවම අහෝසි කල බවත් ඉන් අනතුරුව පූර්ණ නිදහස ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා රන්ජන් රාමනායක මහතාට ද එසේ සිදුවිය හැකි බවද තව දුරටත් පැවසීය.


0 Comments