අධිවේගී මාර්ගයේ කෝටි පහක විදුලි රැහැන් හොරෙන් කපා විකුණයි..

 


කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පොළොව යටින් ඇද තිබූ රුපියල් පන් කෝටි විසි හත් ලක්ෂයක් පමණ වටිනා විදුලි රැහැන් තොගයක් සොරාගෙන ගොස් අලෙවි කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම විදුලි රැහැන් තොගය මිලදී ගත් බව කියන හැඳල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විදුලි රැහැන් තොගයේ කොටසක්ද සැකකරුවන් භාරයේ තිබී හමුවී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Post a Comment

0 Comments