ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන 6 වැනි කණ්ඩායම තීරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක සුදුසුකම් ලැබීමේ වටයේ දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම හමුවේ එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් අස්ලම් නායකත්වය දරන කුවේට් කණ්ඩායමට හැකි විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 173ක ඉලක්කය හඹාගිය කුවේට් පිල පන්දුවාර 19.5කදී ලකුණු 177ක් රැස්කරමින් ජය සපුරා ගැණින.
කුවේට් කණ්ඩායම වෙනුවෙන් නායක අස්ලම්ට අමතරව ශ්‍රී ලංකාවේ රවිජ සඳරුවන් ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ රවිජ හයේ පහර 3ක් සහ හතරේ පහරක් ඇතුළුව පන්දු 25කදී ලකුණු 34ක් රැස්කරනු ලැබීය. හත්වැනි පිතිකරු ලෙස පිටියට පිවිස දුවද්දී දැවීයාමකට හසුවද්දී අස්ලම් විසින් පන්දු 11කදී ලකුණු 19ක් රැස්කරගෙන සිටියේය.
කුවේට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුතුමුදලිගේ පුෂ්පකුමාර කටයුතු කිරීම කැපී පෙනෙන කාරණයක් විය.


0 Comments