චීන නැවේ ප‍්‍රශ්ණයන් IMF ණය ඇණහිටීවි.. ශ‍්‍රී ලංකාව අන්ත දුක්ඛිත විය හැකියි..- Economic Times


චීනයේ Yuan Wang 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට එරෙහිව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු ණය මුදල ලබා ගැනීමේ ක්‍රියාවලියට අහිතකර බලපෑමක් එල්ලවනු ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පැකේජය ක්‍රියාත්මක කිරීමට නම් පළමුව ශ්‍රී ලංකා ණය තිරසාර තක්සේරු වාර්තාවේ ප්‍රධාන ණය හිමියන්ගෙ අනුමැතිය අත්‍යවශ්‍යම කරුණකි.

ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය දෙන රටවල් අතර චීනයේ ද වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ක්‍රියාවලිය සඳහා චීනය සිය කැමැත්ත ලබා දීම අත්‍යවශ්‍ය වී තිබේ.

නමුත් චීනයට අවශ්‍ය නම් මෙම ක්‍රියාවලිය දිගු කලක් රඳවා තබාගත හැකි බවත් එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් දුක්ඛිත තත්වයකට පත් කළ හැකි බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

වාර්තාව මෙතනින්…

Post a Comment

0 Comments