තෙල් පෝලිමේ වංචා කරන අයගේ QR පිවිසුම අවහිර කරයි…

 


ඉන්ධන පිරවුම්හල් වලදී කලහකාරී නිසා සිරෙන පුද්ගලයන් සහ වංචනික ලෙස කටයුතු වන පුද්ගලයන්ගේ QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නෙත් මහජනතාවගෙන් ලබාගන්නා පින්තූර හා වීඩියෝ සාක්ෂි අනුව මෙම පියවර ගන්නා බවයි.

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම, විකිණීම හෝ ඉන්ධන ලබා දීමේදී උපදෙස් පිලි නොපදින සහ පිරවුම්හල්වල සිදු කරන අක‍්‍රමිකතා පිළිබඳ පින්තූර හා වීඩියෝ සාක්ෂි වට්ස්ඇප් ඔස්සේ 0742 123 123 අංකයට යොමු කරන ලෙසද අමාත්‍යාංශය ඉල්ලා සිටී.

අමාත්‍යාංශය තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අද දිනයේ පටන් රට පුරා ක්‍රියාත්මක කර ඇති … ක්‍රමය යටතේ හිමි ඉන්ධන කෝටාව සතියක කාලයක් තුළ ලබා ගැනීමට හැකි බැවින් සදුදා දිනම එකතු වී තදබදයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන ලෙසයි.

Post a Comment

0 Comments