රජය විසින් දැනට හඳුන්වා දී ඇති ජාතික ඉන්ධන බලපත්‍ර ක‍්‍රමවේදය ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුමක් නොවන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
එම ක‍්‍රමවේදය ක්‍රියාවට නැංවූයේ රටේ පවතින විනිමය අර්බුදය හා ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවීම මත කළමනාකරණයෙන් යුතුව පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් කිරීම සඳහා බවයි.
ඉන්ධන බෙදාහැරිමේ පරාසය තීරණය වන්නේ මහ බැංකුව හරහා ඉන්ධන ලබා ගැනීමට වෙන් වන මුදල් ප්‍රමාණය මත බවද හෙතෙම සඳහන් කළේය.
දෙරණ රූපවාහිනිය ඔස්සේ වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


0 Comments