රජය විසින් හදුන්වාදී ඇති QR කේත ක්‍රමය ඉන්ධන ලබාදීම සාර්ථක වුවද ඉන්ධන අඛණ්ඩව ලැබෙන්නේ පිරවුම්හල් 1200න් 800කට පමණක් බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඉන්දීය තෙල් සමාගමේ සෑම පිරවුම්හලකටම එක් වරකට ඉන්දන ලීටර 19,800ක් ලැබුණද සිපෙට්කෝ පිරවුම් හලකට වරකට ලැබෙන්නේ ලීටර් 6,600ක් පමණක් බවයි.
නව ක්‍රමවේදය හරහා ඉන්ධන පිරවුම්හල් වලින් අයථා ලෙස ඉන්ධන නිකුතුවට වැට බැඳෙන බව ඔහු පැවසීය.
මෙම ක්‍රමවේදය අනුව සියල්ල සිදු කිරීමට පිරවුම්හල් සූදානමින් සිටියත් ඉන්ධන නොමැතිකම ගැටලුවක් වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය.
ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදු වන්නේ නම් සතියක කාලෙකින් සියලුම පෝලිම් අවසන් කිරීමට හැකි බව කපිල නාඔටුන්න වැඩිදුරටත් සදහන් කරයි.
0 Comments