SJB ජ්‍යෙෂ්ඨයන් පහක් කැබිනට් මණ්ඩලයට..

 


සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට කැබිනට් ඇමතිධුර හිමිවුණු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ආරාධනය පිළිගනිමින් ඔවුන් මෙසේ කැබිනට් මණ්ඩලයට එකතු වීමට නියමිතව තිබේ.

මෙම පිරිස එකිත් ඉකුත් යහපාලන ආණ්ඩුවේ ද ප්‍රබල ඇමති ධුර දැරූ අයයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික එකඟතාවයක් සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මේ වන විට රජයේ සූදානම් වෙමින් ඇත.

ඒ අනුව පක්ෂ ලෙස නොව තනි තනි මන්ත්‍රීවරුන් ලෙස පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්ව ඇමතිකම් ලබා ගැනීමට නියමිතව තිබේ.

ඉදිරි දින කිහිපය ඇතුළත නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සූදානම් කර ඇත.

Post a Comment

0 Comments