ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසියේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත්කරන ලද සභාපතිවරයා දූෂිතයෙක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ නව සභාපති වරයා පැමිණි විගස අසාදු ලේඛන ගත කර තිබූ සමාගම් වලට ඖෂධ ගෙන ඒම සඳහා අවසර ලබාදී ඇති බවයි.
මෙම සභාපතිවරයා යටතේ 2015 වසරේදීද බාල බෙහෙත් රටට ගෙන්වා බිලියන 20 ක මුදල් ගසා කා ඇති බවද පැවසූ ඔහු මෙම පුද්ගලයා සිරගත කළ යුතු බව කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇති බව ද කියා සිටියි.
මෙම වංචාව බැඳුම්කර වංචාව ටත් වඩා විශාල මිලේච්ඡ වංචාවක් බව ද ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
0 Comments