ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට යන්න රැ. ලක්ෂ 10යි...

 


නීතිවිරෝධී අයුරින් ඕස්ට්‍රේලියාව බලා යාම සඳහා පුද්ගලයින් හට බෝට්ටු පහසුකම් සැපයූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

කාන්තාන්කුඩි මුත්තුවාරන් වෙරළ තීරයේ සිදුකළ වැටලීම් හතරකින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට යොදාගත් ඩිංගි බෝට්ටු පහක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් සමග සැකකරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට යොදාගත් ඩිංගි බෝට්ටු පහක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් එක් පුද්ගලයකු නීති විරෝධීව ඔස්ට්‍රේලියාව දක්වා ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 15 දක්වා මුදලක් ලබා ගෙන ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවංචිකුඩි පොලිසිය වෙත භාරදී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් ඇත.

Post a Comment

0 Comments