මන්නාරම යුදහමුදා මාර්ග බාධකයේදී සිදුකරන ලද විශේෂ සෝදිසියකදී මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් තුල සූක්ෂමව සඟවා ප්‍රවාහනය කරන ලද රුපියල් කෝටි 15 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි.
යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මන්නාරම ප්‍රධාන පාලම අසල යොදවා ඇති යුදහමුදා මාර්ග බාධකයේදී අදාල සැකකටයුතු මාළු ලොරිරථය නවතා පරික්ෂා කරන ලදි.
එහිදී ලොරි රථයේ ආසනය යට සාදන ලද රහස් කුටියක් තුල අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබියදී සොයාගත් අතර එහිදී කිලෝ 1 බැගින් වූ පාර්සල් 10 ක් හමු වී ඇත.
පසුව ලොරි රථයේ රියදුරු ඇතුලු සහයකයා අත්අඩංගුවට ගනු ලැබූ අතර අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය තලෙයි මන්නාරමේ සිට වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සහ ගෙන ඇති බවට යුදහමුදාව සැකපල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තලෙයි මන්නාරම සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 32 සහ 28 වයස්හි පසුවන්නන් වන අතර ඔවුන් සහ අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාර දීමට යුදහමුදාව පියවර ගනු ලැබීය.
0 Comments