පාර්ලිමේන්තුවේ 30ක් 60 පැනලත් යන්න බැහැලු...

 


වයස අවුරුදු හැටෙන් පසුව රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමට ගත් තීරණයත් සමග පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු විශ්‍රාම ගැනීමට ආසන්න ඉහළ නිලධාරීන් පිරිසක් එම වයස් සීමාව හැට තුන දක්වා වැඩිකර ගැනීමට ජනාධිපතිවරයා හමුවීමට තීරණය කර ඇත.

ඒ අතර අවුරුදු 56-60 අතර තිහකට ආසන්න පිරිසක් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සේවය කරන තිහකට ආසන්න පිරිසකට අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් ලබන දෙසැම්බර් 31 සිට විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර ඇත.

එම තීරණය වෙනස් නොකරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයක සේවකයන් 220 දෙනකු ලිපියකට අත්සන් කර කථානායකවරයාට භාරදී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයක සේවකයන් අටසියයකට ආසන්න පිරිසක් සේවය කරයි.

මේ අතර අද (30වැනිදා) කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල කාරක සභාවේදී ද තීරණය වී ඇත්තේ රජය ගත් තීරණය අනුව අවුරුදු හැටෙන් පසුව සේවකයන් විශ්‍රාම ගැන්වීමේ තීරණය වෙනස් නොකිරීමටය.

Post a Comment

0 Comments