කොවිඩ් නිසා නගරයක් ලොක්ඩවුන්..
September 02, 2022
යළිත් වරක් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමග මිලියන 16ක පමණ ජනතාවක් ජීවත්වන චීනයේ, චෙංදු (Chengdu) නගරය ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව හුදකලා කිරීමත් සමග චෙංදු නගරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට යෑමට අවසර හිමිවී තිබේ.
එලෙස අවසර හිමිවන පුද්ගලයා ඊට පැය 24කට පෙර සිදුකරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරතිබීම අනිවාර්ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චෙංදු නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 157 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් 51ක් දෙනෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.
කොවිඩ් සම්බන්ධයෙන් චීනය දැඩි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිටී.
0 Comments