7 හැවිරිදි වියේ පසුවන කුඩා දරුවෙකුට කැත්තකින් කොටා බරපතළ තුවාල සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කන්දකැටිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී කැලයක සැඟව සිටි අදාළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේදීද සැකකරු බැණවදිමින් පොලීසියට සහ ප්‍රදේශවාසීන්ට ගල් ප්‍රහාරයක් එල්ළකර දිව යාමට උත්සාහ කිරීමේදී ගලකින් ඇද වැටී තුවාළ සිදුවූ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගහකිවුල රෝහළට ඇතුලත් කර තිබේ.
මෙම සැකකරු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට පොලීසිය සැකපළ කරයි.
සැකකරුගේ ප්‍රහාරයට ලක්ව බරපතළ කැපුම් තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කළ දරුවා බේරා ගැණුනේ පැය 7ක ශල්‍ය කර්මයකින් අනතුරුවය.
එම දරුවා මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
අදාළ දරුවා රුපියල් 100ක් අතැතිව වෙළෙඳසැලකට ගොස් තිබුණි.
ඒ පියාට ජංගම දුරකථන කාඩ්පතක් මිලදී ගැනීම සඳහාය.
එම අවස්ථාවේදී කිසියම් පුද්ලයෙකු විසින් දරුවාට තියුණු ආයුධයකින් පහරදී තිබුණි.
දරුවාගේ මව පවසන්නේ දරුවා අතැතිව තිබූ රුපියල් 100 ඉල්ලා එම පුද්ගලයා දරුවාට ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.
එම පුද්ගලයා පසුගිය දින කිහිපය පුරාම කැත්තක් සහිතව එම ප්‍රදේශයේ සැරිසරා ඇති බවත් ඔහු දරුවාට ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ, එම කැත්තෙන් බවටත් පොලීසිය සැක පළ කෙරේ.
දරුවා අතැතිව තිබූ රුපියල් 100ක මුදල වෙළෙඳසැළ අසල බිම වැටී තිබී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
0 Comments