බ්‍රිතාන්‍ය ආරාධනය බයිඩ්න් පිළිගනී...
September 12, 2022
අභවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන ලෙස බ්‍රිතාන්‍ය විසින් සිදුකළ ආරාධනය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා සැප්තැම්බර් 19 වන දින රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වන ලෙස කරන ලද ආරාධනය විධිමත් ලෙස පිළිගත් බවය.
අමෙරිකානු ජනාධිපතිවරයා සැප්තැම්බර් 18 වනදා නිව්යෝර්ක් වෙත යන බවත් සැප්තැම්බර් 19 සහ 20 යන දිනවල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වන බවත් මීට පෙර ධවල මන්දිරය නිවේදනය කර තිබුණි.
දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා පැවැත්වීමට නියමිත අතර රටවල් රැසක රාජ්‍ය නායකයින් ඒ සඳහා සහභාගී වන බවට මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.
0 Comments