ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක් ප්‍රතිසංවර්ධනය කිරීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකාබද්ධව ආරම්භ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ලංකා ඉන්දියන් තෙල් සමාගමේ (LIOC’s) හවුල් ව්‍යාපාරයක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටෙර්මිනල් සමාගම (Trinco Petroleum Terminal (Pvt) Ltd.) විසින් මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඉන්දියන් තෙල් සමාගම ප්‍රකාශ කරයි. මෙම මූලික අදියරේදී තෙල් ටැංකි 10ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 25-30ත් අතර වේ.
මේ පිළිබඳ අදහස් පලකරන ඉන්දියන් තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසන්නේ පරිශ්‍රය එළිපෙහෙළි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, විශාල ගස් කැපීම සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී. ආරම්භයේදී ප්‍රතිසංවර්ධනය කෙරෙන තෙල් ටැංකි 10 තත්ත්වය පිළිබඳව මූලික තක්සේරුවක් සිදුකිරීම සඳහා, මේ වන විට ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටෙර්මිනල් සමාගම විසින් ටෙන්ඩර් කැඳවා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන සංකීර්ණ ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරි 4 වැනි දින ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


0 Comments