සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට...

 



ගම්පහ ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර ගම්පහ අකරවිට ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් කොල්ලකා පළාගොස් ඇත.එම අවස්ථාවේදී අදාළ කාන්තාවගේ කෑගැසීමත් සමග එම ස්ථානයට පැමිණි පියපුතු දෙපළකටද සැකකරු විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර තිබේ.එම පිහි ප්‍රහාරයෙන් අදාළ පුත්‍රයා මියගොස් ඇති අතර ඔහුගේ පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඊයේ(29) දිනයේ එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගොස් ඇති අතර එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට මන්නයකින් පහරදී ඇත.

එම අවස්ථාවේදී පොලීසිය එල්ලකළ වෙඩි පහරකින් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පැවසීය.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Post a Comment

0 Comments