පැපුවා නිව්ගිනියාවේ රටේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සැලකින් සොරාගත් වාලම්පුරියක් රුපියල් කෝටියකට අලෙවි කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් අම්පාර වෙළඳසැලක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරු වලට අනුව උපාය දුතයෙකු යොදවා දුරකථන මාර්ගයෙන් වාලම්පුරිය අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයා සම්බන්ධ කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කලකට ඉහත දී ඔහු පැපුවා නිව්ගිනියාව රටේ රැකියාවක් කර ඇති අතර එහිදී පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැලකින් සොරාගෙන ගුවන් මගින් රැගෙන ආ මෙම වාලම්පුරිය රේගු නිලධාරීන්ගේ ඇස් වසා රැගෙන ආ බවට ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන ඌරගස්මන්හන්දිය පදිංචිකරුවෙකි.ඔහුව වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලිසිය වෙත භාරදී ඇත.


0 Comments