ගෝඩහේවාගේ චන්නගේ කට වසමින් පාර්ලිමේන්තුවේ වාරණයක්..

 


මෙවර අතුරු අයවැය පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමේ නාම ලේඛනයෙන් ආණ්ඩු පක්ෂය විසින් තමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාගේ නම් ඉවත්කිරිම තුලින් තමාට සහ චන්න ජයසුමන මහතාට ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු තුල අදහස් දැක්වීමේ වාරණයක් පනවා ඇති බව නාලක ගොඩහේවා මහතා පවසයි.

එමෙන්ම, නිදහස, සමාජ කතිකාව නමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ තමා ඇතුළු කණ්ඩායම වෙනම දේශපාලන ව්‍යාපාරයක් තුළින් ඉදිරියට යන බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එයට එක්වන බවත් ගොඩහේවා මහතා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

Post a Comment

0 Comments