කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැලණිස්ස බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබූ බව ඔවුන් සඳහන් කරයි.
පසුගිය සැප්තැම්බර් 27 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ බිඳවැටීමත් සමඟ එහි ජනන යන්ත්‍ර 3 හි අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එය ලබන සඳුදා (03) වන විට ප්‍රධාන විදුලිබල පද්ධතියට එක් කරන බවයි විදුලිබල මණ්ඩලය පවසයි.
එසේම කෙරවලපිටිය යුගදනවි බලාගාරයට ද අවශ්‍ය දැවි තෙල් තොග ලබා දීමෙන් පසු විදුලිය නිපදවීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ.
එමගින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය යළි සක්‍රිය කිරීම නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගැටලු තිබුණත් විදුලිය කප්පාදුව දීර්ඝ නොකර පැය දෙකයි විනාඩි විස්සකට සීමා කිරීමට බලධාරීන්ට ඉඩ සැලසෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
0 Comments