රට තුළ වාහන වර්ග කිහිපයක මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
පොලී අනුපාත වැඩි වීම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා නිසා මෙසේ මිල අඩු වෙමින් ඇතැයි එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා කියා සිටියේය.
වාහන මිල ඉහළ ගිය ද අමතර කොටස් සහ නඩත්තු ගාස්තු විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇති බවද හෙතෙම කියා සිටියේය.
දැනට මිල අඩු වීමක් සිදුව ඇත්තේ වැගන් ආර්, පැසෝ, විට්ස්, ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සී.එච්.ආර්., වෙසල්, ග්‍රේස් වැනි වාහන වර්ග වල බවත් ඔහු තව දුරටත් පැවසීය.
0 Comments