ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සභාගය ගොඩනැගීමේ කළඑළි මංගල්‍යය….

 


ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනැගීමට නියමිත නව සභාගයේ කළඑළි මංගල්‍යය 2022.09.04 වැනි ඉරිදා සවස 3:00ට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මෙහිදී නව සභාගයේ නාමය ප්‍රකාශයට පත් කිරීම, සභාගයට එක්වන පක්ෂයන්හි නායකයන් එහි ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ඉදිරියේ අත්සන් තැබීම හා නව නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරෙනු ඇත.

එසේ නව සභාගය ජනගත කිරීමෙන් අනතුරුව එහි නායක මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වති.

මෙම සුවිශේෂී අවස්ථාවට තානාපතිවරු හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු, විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ද ඇරයුම් ලැබ සිටි


Post a Comment

0 Comments