ලබන මාසයේ සිට මෙරට විහාරස්ථාන හත් අට දහසක කඨින චීවර පූජාවන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය ආචාර්ය මාපාගම අස්සජි හිමියෝ සඳහන් කරති.
එම පූජා උත්සව පැවැත්වීම සඳහා විදුලි බලය අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ කියා සිටියහ.
පොල්තෙල් පහන් දල්වාගෙන ආගමික උත්සව පැවැත්වීමට නොහැකි බවත් ආගමික ස්ථාන අඳුරේ තැබීමෙන් වළකිනු ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කියා සිටියහ.
මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදී.
0 Comments