ඉරානයෙන් මෙරටට යූරියා...

 


මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීමට ඒකාබද්ධ වැඩපිලිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් ඉරානය එකඟත්වය පළ කර තිබේ.

ඒ කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා ඉරාන තානාපති හෂීම් ඈස්ඩෂාඩිෂ් අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදීයි.

ලබන වසරට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩගාරය සමග එක්ව සාකච්ඡා කිරීමෙන් පසු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා, ඉරාන තානාපතිවරයා හමුවේ සඳහන් කර ඇත්තේ.

Post a Comment

0 Comments