මේ කොල්ලා කියන කතාව අමුතුයි, ඒක අහන්නම ඕනි කතාවක්
“බෝඩිං කාමරේ මට අහම්බෙන් හම්බුණේ, කොල්ලෙක් මාර්ගයෙන්. ඒක ටිකක් ලොකුයි. ඒකේ අයිතිකාරි අක්කා කෙනෙක්. ඒ අක්කා ටිකක් මැදි වයසේ, ලස්සනයි, හරි අමුතුයි.
දවස් දෙක තුන යද්දි කොවිඩ් කාලේ අපි හිරවුණානේ. අක්කා ඒ දවස්වල මාත් එක්ක හොඳටම ෆිට් වුණා. කන්නවත් ගෙන්නගන්න නැති නිසා අක්කා මට කෑම ගෙනත් දෙනවා. වෙලාවකට මගේ රූම් එකත් අස්පස් කරලා දීලා තමයි යන්නේ.
මට එච්චර ගාණක් නෑ, ඔහොම ඉද්දි අක්කා එන යන වාර ගාණ වැඩිවුණා.”
”මං බඳින්න කරන්න හිටියේ ගමේ ගෑනු ළමෙක්ව, එයාගේ නම ඕිලූ, ඕිලූ ගැන අක්කත් දැනන් හිටියේ.
අපේ බෝඩිමට අක්කා ඉන්න තැන බැල්කනි එක පේනවා. ඔතන ඉඳන් අක්කා සමහර දවස්වලට මං දිහා බලන් ඉන්නවා. මම ගණන් ගන්නෙ නෑ එච්චර.
සමහර දවස්වලට අක්කා ටවල් එක පිටින් ඇවිත් එතන කැරකෙනවා.
එයාගේ ඇඳුම් වනන්නෙත් එතැන. එයා මට පේන්න ටවල් එක ගළවනවා, ගැට ගහනවා. මට එතකොට තේරෙනවා එයා එන්න හදන්නෙ මොකටද කියලා.”
”ඔහොම දවසක් ඒ නපුරු දවස ආවා. එදා ඇත්තටම මාත් අක්කා ඉස්සරහා ඇවිස්සුණා. එයා කිව්වා එයා මට ආදරෙයිලූ. බලන් ඉන්න බැරිවුණාලූ. ඕලූ එක්කත් ඉරිසියයිලූ. එයා මා එක්ක දවස් දෙක තුන කාමරේ නැවතුණා. අපි අතරේ වෙන්න පුළුවන් ඔක්කොම දේවල් වුණා. එයා දවසක් හදිසියේ ඇවිත් මගේ රුපියල් පන්දාහක් ඉල්ලුවා. මම ඉතින් දුන්නා. පස්සෙ දෙනවා කිව්වට දුන් නෑ. ඔහොම ආයෙ දවසක් තව ගාණක් ඉල්ලුවා. මම නෑ කිව්වා. පස්සෙ දන්නවද මට පෙන්නපු දේ.?”
”මේ යක්ස ගෑනි මගේ නියුඩ් (නිරුවත්) ෆොටෝ අරන්. මම එයාත් එක්ක කරපු භාගෙට භාගයක් දේවල් තියෙනවා. ගෑනි මාව බය කළා මේවා ඕලූට යවනවා කියලා. පස්සෙ මම බයටම ඉල්ලපු ගාණ දුන්නා.
ඔහොම ගිහින් මේ ගෑනි මගේ ලක්ෂ තුන හතරක්ම කඩා ගත්තා. ඕලූට තිබ්බ ආදරෙයි’ දැනටම කසාදෙත් ලෑස්ති කරලා තියෙන නිසයි මම බයේ මේක හැමෝගෙන්ම හැංඟුවා. ඒත් බැරිම තැන මගේ යාලුවෙක් මාර්ගයෙන් පොලිසියට කිව්වා.”
”ඒ ගෑනි ඩිවෝස් වෙච්ච ගෑනියෙක්ලූ. මගෙන් විතරක් නෙවෙයි. ගොඩක් අයගෙන් ඔය විදිහට අයුතු ප්‍රයෝජන ගන්නවලූ. ඕලූ අද වෙනකන් මේ කිසි දෙයක් දන්නෙ නෑ. දෙයියනේ, මම තාමත් ඉන්නෙ බයෙන්.”
0 Comments