හිටපු අගමැතිවරයෙකු ගමන්ගත් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි...

 





පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් කළ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබේ.

ඒ ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහජන රැළියකට සහභාගී වීම සඳහා ගුජ්රන්වාලා වෙත යාම සඳහා ඉම්රාන් ඛාන් ගමන් කරමින් සිටි යානය මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇති බවයි.

කෙසේ වෙතත් පාකිස්ථාන බලධාරීන් සදහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඉම්රාන් ඛාන් ගමන් ගත් යානය ඉස්ලාමාබාද් වෙත ගොඩබැස් වූ බවයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය ගොඩබස්වා ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබුණ ද අදාළ වාර්තා ප්‍රතික්ෂේප කරන බව එරට බලධාරීන් පවසයි.

Post a Comment

0 Comments