බලශක්ති අර්බුදයට ප්‍රදර්ශනයක්...


රටේ පවතින බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනයක් ඊයේ (11) සහ අද (12) කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සම්මේලන මූලස්ථානයේ දී පැවැත් වේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරිය සහ මහ බැංකුව එක්ව ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

පුණර්ජනනීය බලශක්ති ක්‍රමවේදයන් මෙන්ම උපකරණ ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුල පෙ.ව 10.00 සිට ප.ව.6.00 දක්වා ප්‍රදර්ශනය විවෘතය.

ප්‍රදර්ශනයේ ආරාධිතයන් ලෙස පළමු දින (11) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දෙවන දින (12) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද සහභාගී වීමට නියමිතය.

මෙම දෙදින තුළ ප්‍රදර්ශනයට අමතරව විෂයට අදාළව කෙටි දේශන මාලාවක් ද සංවිධානය කර ඇත.

Post a Comment

0 Comments