ළමා නිවාසයේ දැරියන් දූෂණයට එරෙහිවූ දැරියට කළ අපරාධය ලීක් වෙයි (වීඩියෝ)..




අනාථ දැරියකට පහරදීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයකට ලක් වී තිබේ.

මෙම සිද්ධිය ඇතුළත් වීඩියෝව සෞදි අරාබියේ Khamis Musait නම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ළමා නිවාසයේ දැරියන් දූෂණයට සහ යුක්තියට එරෙහිව උද්ඝෝෂණ කළ බවත් එම අවස්ථාවේදී මෙලෙස මෙම තරුණියන්ට එහි ආරක්ෂකයින් පහරදී ඇති බවත් එම වීඩියෝව පළ කළ තරුණියක් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වීඩියෝව එළියට පැමිණීමත් සමඟ මොහොමඩ් බින් සල්මාන් කුමරු මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ඉලක්කයට ලක්ව ඇති අතර කුමරුගේ පාලනය යටතේ සෞදි අරාබියේ හිංසන සිදුවීම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවට චෝදනා මතුව තිබේ.

එක්සත් රාජධානිය පදනම් කරගත් අයිතිවාසිකම් කණ්ඩායමක් වන ALQST මෙම සිදුවීම විස්තර කළේ බිහිසුණු සහ කලබලකාරී එකක් බවයි.එමෙන්ම වීඩියෝ පටයේ පෙනෙන ආරක්ෂක නිලධාරීන්ට දඬුවම් කරන ලෙස ඔවුන් ඉල්ලීමක් ද කර තිබේ.



Post a Comment

0 Comments